Showing posts with label සිංහල. Show all posts

Friday, March 5, 2010
Tuesday, June 2, 2009
යුද්ධය අහවරය...සද්දය එසේමය... සුද්දය තවත් වටයකින් ඇරඹී තිබේ...
30 වසරක යුද්ධය අහවර වී තිබේ. ආණ්ඩුවේ මාධ්යළ නාලිකාවන් මෙන්ම පුද්ගලික නාලිකාවන්ද රෑ තිස් තුන් රැය පුරාවටමද දහවල් දවස පුරාද කෑ මොර දෙන පරිදි 'ම්ලේච්ඡ මිනීමරු' ප්රලභාකරන් මරාදැමීමේ ප්රීයතිය ජනතාව භුක්ති විඳිති. (ඕනෑම දෙයක් තළු මරමින් භුක්ති විඳීමේ සහජ හැකියාව අපේ ජනතාවට ඇති බැව සහතිකව දන්නා බැවින් මට ඒ ගැන සැක සංකාවක් නැත.)
එහෙත් ජනතාව සැබෑවටම භුක්ති වින්දේ ප්රදභාකරන් ඝාතනය කිරීමේ ප්රසවෘත්තියෙන් නොවන බව මම විශ්වාස කිරීමට උත්සාහ කරමි. ජනතාව සතුටු වන්නේ 30 වසරක යුද්ධෘයේ සාපය අවසන් වීම නිසාය. සැබැවින්මී මින්පසු ඔවුන්ගේ දරුවන්, සැමියන් හෝ සමීපතමයින් රැකියාවක් සොයා හමුදාවට ගොස් මිනීපෙට්ටියෙන් ගෙදර එන්නේ නැති නිසාය. කඩ පිලේ දී , බස් රියේදී බෝම්බයෙන් පරෙස්සම් විය යුතු නැති නිසාය. ඇතැම්විට මින්පසු යුද්ධය නිසා පටි තද කරගන්නට සිදු නොවන්නේ යැයි ඔවුන් සිතූ නිසාද ඔවුන් සතුටු වන්නට ඇත. මේ කවරකටත් වඩා යුද්ධයත් සමගම ඒ පිළිබඳ මාධ්යි සද්දය අවසන්වනු ඇතැයි බලාපොරොත්තු වූ මහජනයාට ද එය ඇත්තටම සතුටු වීමට කාරණයකි. කෙසේ වුවද මේ ප්ර්මෝදය මහරජාණන් පහළ වීමෙන් උපන් ප්රීවතියක් නොවන වග නම් සහතිකය.
සාමාන්ය පෘතග්ජනයෙක් පමණක් වන නිසාවෙන්දෝ ප්රේභාකරන් ඝාතනය වීමේ ප්ර වෘත්තියෙන් 'වත්මන් සිංහල බෞද්ධයෙකු"ට තරම් සතුටක් දැනුනේ නැත. එහෙත් යුද්ධය අවසන් වීම පිළිබඳ යම් අස්වැසිල්ලක් දැනේ. දැන් රටේ ප්ර මුඛ ප්ර ශ්නය බවට යළි ධනේෂ්වර ආර්ථික රටාවේ අර්බුදය ආදේශ වනු ඇත. යළි ජාතික ගැටළුවේ අඳුරු කඩතුරාවෙන් වසා තිබූ එහි කැත නිරුවත ජනතාව හමුවේ දිස්වනු ඇත. එහෙත් කාලයක් ඉවසීමට සිදුවනු ඇත. ඒ කැත නිරුවත ඉදිරියෙන් යුද ජයග්රිහණයේ ෆ්ලෑෂ් ලයිට් දල්වා තිබෙන බැවිනි. එය ජනතාවගේ ඇස් නිලංකාර කිරීමට, ගිනිකණ වැට්ටවීමට සමත්ය.
අර්ධ වැඩවසම් ලක්ෂණ තවමත් නොනැසී පවතින ලාංකේය ධනේෂ්වර සමාජය තුළ මහ රජාණන් වහන්සේලා පහළවීම අරුමයක් නොවේ. මේ මහරජාණන් පහළ වන්නේ තනිවම නොවේ. ප්රලශස්ථි ගායකයින්, වන්දිභට්ටයන් මෙන්ම රජවාසල කවටයන්ද වුවමණාවටත් වඩා සිව්බඹ විහරණයෙන්ම ලැබී තිබේ.
දැන් ඉතිහාසය ආපසු කරකවන්නට මේ නඩය උත්සාහ දරන බවටද සැකයක් නැත. එහෙත්... ඉතිහාසයට රිවර්ස් ගියරයක් නැත. එය නිසි ඉදිරියට - සමාජ සංවර්ධනයේ දිශාවට මෙහෙයවන්නෙක් පැමිණෙන තෙක් ඉතිහාසයේ ගොන් කරත්තය හැල්මේ ගමන් කරනු ඇත. උලාකෑමට තණපත් ද පුනක්කුද ඇති තැන්වලම රැඳෙනු ඇත.
අපි බලා සිටිමුද?

Subscribe to:
Posts (Atom)