Wednesday, October 14, 2009

Unite!

Thursday, September 10, 2009

ඔරු පැදීමේ තරගය

මේ කතාව අහුලාගත්තේ ඊමේල් ලිපියකින්... ඉන්දි‍යාවේ ක්‍රීඩා පරිපාලනය උපහාසයට ලක් කරමින් නම නොදන්නා රචකයෙක් ලියූ මේ කතාව ලංකාවටත් අදාලයි කියලා මට හිතුණා.

"ඔන්න එකෝමත් එක කාලයක ඉන්දියාවේ ඔරු පැදීමේ ක්‍රීඩා කණ්ඩායමක් සිටියාලු. ඔය කාලේ ජපානෙත් ඔරු පැදීමේ ක්‍රීඩාව ජයටම කෙරෙන බව‍ට ප්‍රසිද්ධයි. මේ නිසා දෙරට අතර සුහදතාවය වර්ධනය කරගන්නට කියා ඉන්දියාව ජපානයත් එක්ක වාර්ෂික ඔරු පැදීමේ තරඟාවලියක් සංවිධානය කළා. මේ තරඟාවලියෙ නීති රීති අනුව එක කණ්ඩායමකට ඇතුළත් විය හැකි ක්‍රීඩකයින් ගණන 8ක් බවත් සංවිධායක මණ්ඩලය කළින්ම තීරණය කරලා තිබුණා.

නියම කරගත් විදියටම පළමු තරඟය පැවැත්වුණා කියමුකෝ. කොහොම හරි අවසානයේදී කෙස් ගහෙන් දෙකෙන් ඉන්දියාව ජපානයට පැරදුනාලු.

ඉන්දියාවේ දේශපාලනඥයෝ, ක්‍රීඩා විචාරකයෝ එහෙම මේ ගැන විවිධ විචාර පළකරන්න පටන් ගත්තා. සමහරු මේක විශිෂ්ඨ පරාජයක් කියල කියද්දී ජපානය වගේ රටකට පමණක් දෙවෙනි වීම ගවුරවයක් කියලා තවත් සමහරු කිව්වා.

ඉතින් මේ වෙලාවේ ඉන්දියාවේ ක්‍රීඩා පරිපාලනය තීරණයක් ගත්තාලු කොහොම හරි ඊළඟ අවුරුද්දෙ නම් ඔරු පැදීමේ ශූරතාවය ඉන්දියාවට ලබාගත යුතුයි කියලා. ඉතින් මේ පරාජයට හේතුව සොයන්න විශේෂ ‍බලතල සහිත කොමිසමකුත් පත් කළා කියමුකෝ.

ඉතින් මේ කොමිසමත් මාස ගණනක් තිස්සේ කරුණු විශ්ලේෂණය කරලා, හොයලා බලලා සම්පූර්ණ වාර්තාවක් සකස් කෙරුවා. ඒ වාර්තාවෙන් කියැවුණේ මේ වගේ දෙයක්. ජපාන කණ්ඩායමට ඔරු පදින ක්‍රීඩකයින් 07 දෙනෙක් සහ එක් නායකයෙක් පමණක් සිටින බව මෙම කොමිසම හොයාගෙන තිබුණා. ඒත් ඉන්දියානු කණ්ඩායම සමන්විත වෙලා තිබුණේ නායකයන් 07 දෙනෙකුගෙන් සහ එක් ක්‍රීඩකයෙකුගෙන් පමණක් බව ඔවුන් පෙන්වා දුන්නා.

ඉතින් මේ වාර්තාව අනුව තවත් මාස කිහිපයක් ඇතුළත ඉන්දියාවේ ක්‍රීඩා බලධාරීන් පරාජයට හේතුව මේ විදියට විග්‍රහ කළා. ඉන්දියානු ඔරු පැදීමේ කණ්ඩායමේ පරාජයට හේතුව නායකයින් වැඩිවීම හා ඔරු පදින්නන් අඩුවීමයි. මේ බව දැනගත්ත මාධ්‍යවේදීන්, ක්‍රීඩා ලෝලීන් දිගට හරහට පරිපාලනයටයි ආණ්ඩුවටයි බනින්න පටන්ගත්තා.

වහාම ක්‍රියාත්මක වන පරිදි කණ්ඩායම සංශෝධනය කෙරුණා.

මේ අනුව කණ්ඩායමේ නායකයන් ගණන 4 දක්වා අඩු කරන්න ක්‍රීඩා බලධාරීන් තීරණය කළා. ඒ වෙනුවට කණ්ඩායමේ කාර්යක්ෂමතාවය වැඩිකිරීම සඳහා ප්‍රධාන කළමණාකරුවෙක් සහ ඔහු යටතේ තවත් කළමණාකරුවන් දෙදෙනෙක් කණ්ඩායමට ඇතුළු කෙරුණා. ඒ වගේම කණ්ඩායමේ හිටි එකම ක්‍රීඩකයා ඉදිරියටත් ක්‍රීඩකයෙකු ලෙස සහභාගී කරවන්නත් ඔවුන් එකඟ වුණා.

දැන් දෙවන අවුරුද්දේ තරඟයට කණ්ඩායම් සූදානම්!

ඒත් දෙවන තරඟය අවසානයේදී ජපාන කණ්ඩායම දිනුම් කනුව පසුකරනවිට ඉන්දියානු කණ්ඩායම සිටියේ හැතැප්ම දෙකක් පමණ පිටුපසින්.

ඒ වෙලාවේ ඉන්දියානු ක්‍රීඩා පරිපාලනය වහාම ක්‍රියාත්මක වුණා.

තමන්ගෙ කණ්ඩායම ජයග්‍රහණය කරවිය නොහැකි වීම ගැන චෝදනා කරලා කණ්ඩායමේ සිටි ඔරුපදින්නාව කණ්ඩායමෙන් ඉවත් කළා."

ඔන්න ඕකයි කතාව.

ඕනෑම කෙනෙකුට තම තමන් කැමති විදියට පූර්වාපර සන්ධි ගලපාගෙන රස විඳින්න අයිතිය තියෙනවා.

Friday, September 4, 2009

දිරිය දියණිය


අහම්බෙන් ඇස ගැටුනු මේ ඡායාරූපය හමුවුනේ MSN වෙබ් අඩවියෙන්.
පලස්තීනයට අයත් බටහිර ඉවුර ප්‍රදේශයේදී ඊශ්‍රායල හමුදා විසින් සිය නිවාස කඩා ඉවත්කිරීමට එරෙහිව හුදකලාව සටනට බට යුදෙව් ගැහැණියක්. ඇත්තෙන්ම ඇය මව්බිමේ (පලස්තීන) දියණියක්.
ලෝකයේ ප්‍රභලම හමුදාවකට එරෙහිව සිය අයිතිය වෙනුවෙන් හුදෙකලාව හෝ හැපෙන්නට ඇයට ඇති දිරිය...
තිරස්චීන හමුදාවන්ට එරෙහිව පලස්තීන සොයුරියකගේ ආදර්ශය ලෝකය උගන්නේ කවදාද?

Saturday, July 18, 2009

The Ant

The Ant

A Fable..

Or
May Be Not...
Every day, a small ant arrives at work very early and starts work immediately.She produces a lot and she was happy.The Chief, a lion,was surprised to see that the ant was working without supervision.He thought if the ant can produce so much without supervision, wouldn’t she produce even more if she had a supervisor!
So he recruited a cockroach who had extensive experience as supervisor and who was famous for writing excellent reports.The cockroach’s first decision was to set up a clocking in attendance system.He also needed a secretary to help him write and type his reports and …... he recruited a spider, who managed the archives and monitored all phone calls.
The lion was delighted with the cockroach's reports and asked him to produce graphs to describe production rates and to analyse trends, so that he could use them for presentations at
Board‘s meetings.So the cockroach had to buy a new computer and a laser printer and ...... recruited a fly to manage the IT department.The ant, who had once been so productive and relaxed, hated this new plethora of paperwork and meetings which used up most of her time…!The lion came to the conclusion that it was high time to nominate a person in charge of the department where the ant worked. The position was given to the cicada, whose first decision was to buy a carpet and an ergonomic chair for his office.
The new person in charge, the cicada, also needed a computer and a personal assistant ,who he brought from his previous department, to help him prepare a Work and Budget Control Strategic Optimisation Plan …
The Department where the ant works is now a sad place, where nobody laughs anymore and everybody has become upset...It was at that time that the cicada convinced the boss , the lion, of the absolute necessity to start a climatic study of the environment .
Having reviewed the charges for running the ant’s department , the lion found out that the production was much less than before.
So he recruited the owl , a prestigious and renowned consultant to carry out an audit and suggest solutions.
The owl spent three months in the department and came up with an enormous report , in several volumes,
that concluded :
“ The department is overstaffed ...”
Guess who the lion fires first?
The ant , of course, because she
“showed lack of motivation and had a negative attitude".
NB:
The characters in this fable are fictitious; any resemblance toreal people or facts within the Corporation is pure coincidence…
The End

Tuesday, June 2, 2009

යුද්ධය අහවරය...සද්දය එසේමය... සුද්දය තවත් වටයකින් ඇරඹී තිබේ...

30 වසරක යුද්ධය අහවර වී තිබේ. ආණ්ඩුවේ මාධ්යළ නාලිකාවන් මෙන්ම පුද්ගලික නාලිකාවන්ද රෑ තිස් තුන් රැය පුරාවටමද දහවල් දවස පුරාද කෑ මොර දෙන පරිදි 'ම්ලේච්ඡ මිනීමරු' ප්රලභාකරන් මරාදැමීමේ ප්රීයතිය ජනතාව භුක්ති වි‍ඳිති. (ඕනෑම දෙයක් තළු මරමින් භුක්ති විඳීමේ සහජ හැකියාව අ‍පේ ජනතාවට ඇති බැව සහතිකව දන්නා බැවින් මට ඒ ගැන සැක සංකාවක් නැත.)
එහෙත් ජනතාව සැබෑවටම භුක්ති වින්දේ ප්රදභාකරන් ඝාතනය කිරීමේ ප්රසවෘත්තියෙන් නොවන බව මම විශ්වාස කිරීමට උත්සාහ කරමි. ජනතාව සතුටු වන්නේ 30 වසරක යුද්ධෘයේ සාපය අවසන් වීම නිසාය. සැබැවින්මී මින්පසු ඔවුන්ගේ දරුවන්, සැමියන් හෝ සමීපතමයින් රැකියාවක් සොයා හමුදාවට ගොස් මිනීපෙට්ටියෙන් ගෙදර එන්නේ නැති නිසාය. කඩ පිලේ දී , බස් රියේදී බෝම්බයෙන් පරෙස්සම් විය යුතු නැති නිසාය. ඇතැම්විට මින්පසු යුද්ධය නිසා පටි තද කරගන්නට සිදු නොවන්නේ යැයි ඔවුන් සිතූ නිසාද ඔවුන් සතුටු වන්නට ඇත. මේ කවරකටත් වඩා යුද්ධයත් සමගම ඒ පිළිබඳ මාධ්යි සද්දය අවසන්වනු ඇතැයි බලාපොරොත්තු වූ මහජනයාට ද එය ඇත්තටම සතුටු වීමට කාරණයකි. කෙසේ වුවද මේ ප්ර්මෝදය මහරජාණන් පහළ වීමෙන් උපන් ප්රීවතියක් නොවන වග නම් සහතිකය.
සාමාන්ය පෘතග්ජනයෙක් පමණක් වන නිසාවෙන්දෝ ප්රේභාකරන් ඝාතනය වීමේ ප්ර වෘත්ති‍යෙන් 'වත්මන් සිංහල බෞද්ධයෙකු"ට තරම් සතුටක් දැනුනේ නැත. එහෙත් යුද්ධය අවසන් වීම පිළිබඳ යම් අස්වැසිල්ලක් දැනේ. දැන් රටේ ප්ර මුඛ ප්ර ශ්නය බවට යළි ධනේෂ්වර ආර්ථික රටාවේ අර්බුදය ආදේශ වනු ඇත. යළි ජාතික ගැටළුවේ අඳුරු කඩතුරාවෙන් වසා තිබූ එහි කැත නිරුවත ජනතාව හමුවේ දිස්වනු ඇත. එහෙත් කාලයක් ඉවසීමට සිදුවනු ඇත. ඒ කැත නිරුවත ඉදිරියෙන් යුද ජයග්රිහණයේ ෆ්ලෑෂ් ලයිට් දල්වා තිබෙන බැ‍විනි. එය ජනතාවගේ ඇස් නිලංකාර කිරීමට, ගිනිකණ වැට්ටවීමට සමත්ය.
අර්ධ වැඩවසම් ලක්ෂණ තවමත් නොනැසී පවතින ලාංකේය ධනේෂ්වර සමාජය තුළ මහ රජාණන් වහන්සේලා පහළවීම අරුමයක් නොවේ. මේ මහරජාණන් පහළ වන්නේ තනිවම නොවේ. ප්රලශස්ථි ගායකයින්, වන්දිභට්ටයන් මෙන්ම රජවාසල කවටයන්ද වුවමණාවටත් වඩා සිව්බඹ විහරණයෙන්ම ලැබී තිබේ.
දැන් ඉතිහාසය ආපසු කරකවන්නට මේ නඩය උත්සාහ දරන බවටද සැකයක් නැත. එහෙත්... ඉතිහාසයට රිවර්ස් ගියරයක් නැත. එය නිසි ඉදිරියට - සමාජ සංවර්ධ‍නයේ දිශාවට මෙහෙයවන්නෙක් පැමිණෙන තෙක් ඉතිහාසයේ ගොන් කරත්තය හැල්මේ ගමන් කරනු ඇත. උලාකෑමට තණපත් ද පුනක්කුද ඇති තැන්වලම රැ‍ඳෙනු ඇත.
අපි බලා සිටිමුද?

Tuesday, April 7, 2009

Sunday, April 5, 2009

Saturday, February 14, 2009

warriors and pariahs

රණ විරුවන් සහ නීචයින්...

මෙම වීඩියෝ නරඹන්න...










රණ විරුවන් ගැන නිතර දෙවේලේ ගැයෙන මොහොතක පොලීසියේ මේ හැසිරීම දනවන්නේ කවරාකාර හැඟීමක්ද? ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට උපහාරය පළකරමින් සරසවි සිසුන් විසින් ප්‍රදර්ශනය කර තිබූ බැනරයක් ඉදිරියේදීම පොලීසිය විසින් ඔවුනට උපහාර දැක්වූයේ මෙසේය. පොලීසිය සිය හිතූමනාපේ සරසවි සිසුන්ට පහර දුන්නායැයි සිතීම සාධාරණද? නැත පොලීසිය යනු ධනේෂ්වර රාජ්‍ය යාන්ත්‍රණයේ තවත් එක් සන්නද්ධ ආයතනයක් පමණකි. ඔවුන් ඉටුකරන්නේ පාලක පංතියේ උවමනාවන්ය. තමන්ට එරෙහිව මතුවිය හැකි ප්‍රවණතාවයන් පරාජය කිරීම සඳහා ධනපති පංති පාලනයන් පළමුවෙන්ම කැඳවන්නේ සිය නිල හමුදාවන්ය.

විශ්වවිද්‍යාලය තුළ මේ මොහොතේ සිදුවූ සිසු ගැටුම ධනපති පංති පාලනයට අභියෝග කරන්නක් ලෙස මින් නොකිය වේ. එහෙත් ධනපති පංති පාලනයේ දුර්වලතාවයන්ට එරෙහිව සරසවි සිසුන් පළමුව වීදී බැසීම සිදු විය හැක්කකි...

කෙසේ වුවද මේ සිදුවීම අපට සිහිපත් කරනුයේ විරුවන් නීචයින් බවට පත්වීමට ඉතා සුළු මොහොතක් වුව ප්‍රමාණවත් වන බවය.

යුද ජයග්‍රහණ බොහෝවිට ආඥා දායකයන් බිහිකරයි. ඉතිහාසය බොහෝ උදාහරණ දෙමින් එය සනාථ කර තිබේ. ජනතාවනි.., සූදානම් වන්න..!

Tuesday, February 3, 2009

මැතිවරණ වසන්තය... - සිනමා විචාරය

මැතිවරණ වසන්තය... - සිනමා විචාරය
නැවත මැතිවරණ සමයක් එළඹී තිබේ... පොරොන්දු තොග සහ සිල්ලරට බෙදා දීමේ සුපුරුදු මැතිවරණ ක්‍රීඩාව අවසන් නොවූ නමුදු ප්‍රධාන සටන් පාඨ යුද්ධය කේන්ද්‍රගත කරමින් දක්ෂිණාවර්තව එකම තැන භ්‍රමණය වෙමින් පවතී. යුද්ධයේ අවසානය අත ළඟම බව පැවසුනද ඒ අවසානයේ අවසානයක් තවමත් දැකිය නොහැකිය. එමෙන්ම යුද්ධය අවසන් කරන බවක් ආණ්ඩුව පුන පුනා පැවසූවද ලංකාවේ ජාතික ගැටළුව අවසන් කරන ආකාරය පිළිබඳ නැගෙන ප්‍රකාශනයන් තවමත් අපැහැදිලිය. අවිනිෂ්චිතය.
සුපුරුදු ලෙසම ලාංකේය ධනවාදය සිය අර්බුදය මෝරා නැගෙද්දී එය වසන් කරමින් ආකර්ෂණීය පැලැස්තරයක් ඇලවීමට සමත් වී තිබේ. දේශප්‍රේමය අන් සියලු දේ මෙන්ම ධනේෂ්වර සටන් පාඨයක් ලෙස යළි යළිත් තහවුරු කරගැනීමට ඔවුන් සමත් වී තිබේ. මේ මොහොතේ යුද්ධයෙන් දිනන්නේ හමුදාව හෝ එල්ටීටීඊය නොවන බව දකින්නෝ කවුරුන්ද? මේ සංග්‍රාම ජයග්‍රහණයන් තිරය මත දිගහැරෙද්දී තිරයෙන් මෙපිට සිදුවන්නේ කුමක්ද?
ඔබේද, මගේ ද දෑස් ඉදිරිපිට ලොමු දැහැගැන්වෙන සටනින්ද, මනස්කාන්ත ප්‍රේම ජවනිකාවන්ගෙන්ද යුත් කදිම සළරුවක් දිගහැරෙමින් පවතී. දුෂ්ටයාගේ දුෂ්ටත්වය මොහොතින් මොහොත හුවා දක්වන අතර වීරයා තව තවත් පුම්බමින් හුලං ගසනා කවටයන්ගෙන්ද මේ සිනමා කෘතිය පොහොසත්ය. එය කෙතරම් ද යත්, මෙම සළරුව විටෙක කොමඩියක් බවට පත්වේදෝයි සාධාරන සැකයක් ප්‍රේක්ෂක සිත් තුළ නැගේනම් එය අරුමයක් නොවේ. එහෙත් ඔබේ දෑස් දැන් කළුවරට හුරුවී තිබේනම් දැන් හාත්පස විමසා බලන්න.
යුද්ධය අවසන් වුවද, යුද්ධයෙන් පරාජය කළ බෙදුම්වාදය එහි පැරණි අනුග්‍රාහකයන්ගේ පමණක් නොව නව අනුග්‍රාහකයන්ගේ ද ආශීර්වාදයෙන් අභිෂේක ලබයි. ඔබ ඉදිරිපිට පුළුල් තිරයේ දිගහැරෙන දසුනට හාත්පසින්ම එරෙහි ජවනිකාවක් ඉන් පිටත රඟදැක්වේ. සිය නෙත් හරියේ තිරය පමණක් ම දකින ගැල‍රියේ නරඹන්නන්ගේ විසිල් නාදයද අත්පොලසන් හඬද දුෂ්ටයාගේ අරමුණු උදෙසා යෙදවෙන බව ඔවුන් නොදන්නා බව පැහැදිලිය. මන්ද ඔවුන් ඉදිරි පෙළ සිටියද නෙත ගැටෙන්නේ දේදුනු වර්ණ තිර රටා පමණක්ම බැවිනි.
විමසිලිමත් වන්න... ඔබ නොදැනීම ගැලරියේ අසුන්ගැන්වූවා වන්නට පුළුවන...

Red Aurora


අවුරෝරා...
ඉතිහාසය විසින් ශ්‍රේෂ්ඨත්වයට නැංවූ ඒ නම භාවිතා කිරීමට අපි තීරණය කළෙමු...
1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ ඇරඹුම් සංඥාව නිකුත් වූයේ අවුරෝරාවෙනි. රුසියානු අධිරාජ්‍යයේ හා ධනපතීන්ගේ හිම මාලිඟා බිඳ හෙළන්නට, සැබෑ වෙනසක් අරඹන්නට, සමානාත්මතාවය රජයන යහපත් ලෝකයක් වෙනුවෙන් අවුරෝරා නාවිකයන්ගේ සංඥා වෙඩිමුරය තවමත් අපේ දෙසවන්හි දෝංකාරය නංවයි. වේදනාවෙන්, දරිද්‍රතාවයෙන්, පාගාදැමීමෙන් පීඩා විඳින සුවහසක් මිනිසුන් සහ ගැහැණුන් වෙනුවෙන් සටන්වදින්නට අපේ හදවත් පණ පොවනුයේ එයයි.
සොයුර, සොයුරිය,
මේ කනට කොඳුරා මුමුණන්ට කාලයක් නොවේ... අළුත් ලෝකයක් අපට ඇවැසි බව හ`ඩ නඟා පවසන්නට කාලයයි. අසාධාරණය හමුවේ බියෙන් සළිතව මුළු ගැහෙන්නට කාලයක් නොවේ... හදේ නැගෙනා ගිනි පුපුරු ගෙන දෙපා මත සිටගන්න කාලයයි...
අපට අවුරෝරාවක් ඇවැසි වන්නේ ඒ නිසාවෙනි.
අපි එය දියත් කළෙමු. තවම අපි සවිමත් නොවෙමු. එහෙත් හෙට අරුණෝදය වනවිට ඔබද අප සමඟ හිරු පායන අයුරු බලන්නට නැගෙනහිර ඇණිය වෙත එන බව අපි විශ්වාස කරමු.
ඉතිහාසයට අවනත වී අනාගතය වෙනස්කරමු...