Thursday, September 16, 2021

ප්‍රතිපත්තිය

 සිය ව්‍යාපාරයන් සඳහා දැක්වූ සහයෝගය වෙනුවෙන් එක ඇමතිවරයෙකුට තෑග්ගක් දෙන්න  කොන්ත්ත්‍රාත්කරුවෙකුට හිතුනලු. තෑග්ග විදියට දෙන්න තෝරාගෙන තිබුණේ අලුත්ම පන්නයේ මෝටර් රථයක්ලු. ඉතින් මේ මිනිහා මේක තෑගි දෙන්න ගියත් ඇමතියා මෙහෙම කිව්වලු.

" මගේ ප්‍රතිපත්තිවල විදියට මම අල්ලස් ගැනීමට විරුද්ධයි. ඒ නිසා මට මේක භාරගන්න බෑ" කියලා.

ඒ පාර අර කොන්ත්‍රාත්කාරයා කල්පනා කරලා මෙහෙම කිව්වලු. "හරි සර්, මට තේරුණා. එහෙනං මම මේක රු.100කට ඔබතුමාට විකුණන්නම්කො" කියලා.

එතකොට ඇමතියා ටිකක් කල්පනා කරලා සාක්කුවෙන් සීයෙ කොල දෙකක් අරන් මෙහෙම කිව්වලු. 

"එහෙනම් මට 2ක්ම දෙනවා. මෙන්න දෙසීයක්."

Sunday, September 12, 2021

අපේ සල්ලි දීපන්


 

එක් දිනක් ව්‍යායාම මංතීරුවක ජොගින් කරමින් සිටි ඇමතිවරයෙකු වෙත පිස්තෝලයක් අමෝරාගත් සොරෙකු කඩා පැන්නේය. සිය ආරක්ෂකයින්ද නොමැතිව ඇමතිවරයා මේ දිවගියේ සිය පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා කොරටුවක් පැනීම ට ය. තමන්ගේම නම යොදා සෑදු මංතීරුවේදී මෙවන් අකරතැබ්බක් සිදුවේ යැයි ඔහු සිහිනෙනුදු අපේක්ෂා කළේ නැත.

''මැරුම් නොකා උඹේ සල්ලි දීපන්" සොරා තර්ජනය කළේ පිස්තෝලය ඔහුගේ හිසට තද කරමිනි.

කෙසේ වුවද  මේ අනපේක්ෂිත සිදුවීමෙන් ඔහු මහත් කම්පනයටත් බියටත් පත්විය. ‌සිය ජීවිතය අවදානමේ බව ඔහු තේරුම්ගත්තේය. කෙසේවුවද පරිණත දේශපාලකයෙකු වූ ඔහු සොරා බියපත් කිරීමට සිතුවේය. 

"තමුසේ දන්නවද මම ආණ්ඩුවේ ඇමතිකෙනෙක්... මගේ මුළු පඩියම ලෝන් එකකට කැපෙනවා." ඇමතියා කීවේය.

"එහෙනම් මැරුම් නොකා අපේ සල්ලි දීපන්... සොරා කෑ ගැසුවේය.