අවුරෝරා...
ඉතිහාසය විසින් ශ්‍රේෂ්ඨත්වයට නැංවූ ඒ නම භාවිතා කිරීමට අපි තීරණය කළෙමු...
1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ ඇරඹුම් සංඥාව නිකුත් වූයේ අවුරෝරාවෙනි. රුසියානු අධිරාජ්‍යයේ හා ධනපතීන්ගේ හිම මාලිඟා බිඳ හෙළන්නට, සැබෑ වෙනසක් අරඹන්නට, සමානාත්මතාවය රජයන යහපත් ලෝකයක් වෙනුවෙන් අවුරෝරා නාවිකයන්ගේ සංඥා වෙඩිමුරය තවමත් අපේ දෙසවන්හි දෝංකාරය නංවයි. වේදනාවෙන්, දරිද්‍රතාවයෙන්, පාගාදැමීමෙන් පීඩා විඳින සුවහසක් මිනිසුන් සහ ගැහැණුන් වෙනුවෙන් සටන්වදින්නට අපේ හදවත් පණ පොවනුයේ එයයි.
සොයුර, සොයුරිය,
මේ කනට කොඳුරා මුමුණන්ට කාලයක් නොවේ... අළුත් ලෝකයක් අපට ඇවැසි බව හ`ඩ නඟා පවසන්නට කාලයයි. අසාධාරණය හමුවේ බියෙන් සළිතව මුළු ගැහෙන්නට කාලයක් නොවේ... හදේ නැගෙනා ගිනි පුපුරු ගෙන දෙපා මත සිටගන්න කාලයයි...
අපට අවුරෝරාවක් ඇවැසි වන්නේ ඒ නිසාවෙනි.
අපි එය දියත් කළෙමු. තවම අපි සවිමත් නොවෙමු. එහෙත් හෙට අරුණෝදය වනවිට ඔබද අප සමඟ හිරු පායන අයුරු බලන්නට නැගෙනහිර ඇණිය වෙත එන බව අපි විශ්වාස කරමු.
ඉතිහාසයට අවනත වී අනාගතය වෙනස්කරමු...
Showing posts with label 001. Show all posts
Showing posts with label 001. Show all posts
Tuesday, February 3, 2009
Subscribe to:
Posts (Atom)
