Thursday, April 1, 2010

Friday, March 5, 2010

Wednesday, October 14, 2009

Unite!

Thursday, September 10, 2009

ඔරු පැදීමේ තරගය

මේ කතාව අහුලාගත්තේ ඊමේල් ලිපියකින්... ඉන්දි‍යාවේ ක්‍රීඩා පරිපාලනය උපහාසයට ලක් කරමින් නම නොදන්නා රචකයෙක් ලියූ මේ කතාව ලංකාවටත් අදාලයි කියලා මට හිතුණා.

"ඔන්න එකෝමත් එක කාලයක ඉන්දියාවේ ඔරු පැදීමේ ක්‍රීඩා කණ්ඩායමක් සිටියාලු. ඔය කාලේ ජපානෙත් ඔරු පැදීමේ ක්‍රීඩාව ජයටම කෙරෙන බව‍ට ප්‍රසිද්ධයි. මේ නිසා දෙරට අතර සුහදතාවය වර්ධනය කරගන්නට කියා ඉන්දියාව ජපානයත් එක්ක වාර්ෂික ඔරු පැදීමේ තරඟාවලියක් සංවිධානය කළා. මේ තරඟාවලියෙ නීති රීති අනුව එක කණ්ඩායමකට ඇතුළත් විය හැකි ක්‍රීඩකයින් ගණන 8ක් බවත් සංවිධායක මණ්ඩලය කළින්ම තීරණය කරලා තිබුණා.

නියම කරගත් විදියටම පළමු තරඟය පැවැත්වුණා කියමුකෝ. කොහොම හරි අවසානයේදී කෙස් ගහෙන් දෙකෙන් ඉන්දියාව ජපානයට පැරදුනාලු.

ඉන්දියාවේ දේශපාලනඥයෝ, ක්‍රීඩා විචාරකයෝ එහෙම මේ ගැන විවිධ විචාර පළකරන්න පටන් ගත්තා. සමහරු මේක විශිෂ්ඨ පරාජයක් කියල කියද්දී ජපානය වගේ රටකට පමණක් දෙවෙනි වීම ගවුරවයක් කියලා තවත් සමහරු කිව්වා.

ඉතින් මේ වෙලාවේ ඉන්දියාවේ ක්‍රීඩා පරිපාලනය තීරණයක් ගත්තාලු කොහොම හරි ඊළඟ අවුරුද්දෙ නම් ඔරු පැදීමේ ශූරතාවය ඉන්දියාවට ලබාගත යුතුයි කියලා. ඉතින් මේ පරාජයට හේතුව සොයන්න විශේෂ ‍බලතල සහිත කොමිසමකුත් පත් කළා කියමුකෝ.

ඉතින් මේ කොමිසමත් මාස ගණනක් තිස්සේ කරුණු විශ්ලේෂණය කරලා, හොයලා බලලා සම්පූර්ණ වාර්තාවක් සකස් කෙරුවා. ඒ වාර්තාවෙන් කියැවුණේ මේ වගේ දෙයක්. ජපාන කණ්ඩායමට ඔරු පදින ක්‍රීඩකයින් 07 දෙනෙක් සහ එක් නායකයෙක් පමණක් සිටින බව මෙම කොමිසම හොයාගෙන තිබුණා. ඒත් ඉන්දියානු කණ්ඩායම සමන්විත වෙලා තිබුණේ නායකයන් 07 දෙනෙකුගෙන් සහ එක් ක්‍රීඩකයෙකුගෙන් පමණක් බව ඔවුන් පෙන්වා දුන්නා.

ඉතින් මේ වාර්තාව අනුව තවත් මාස කිහිපයක් ඇතුළත ඉන්දියාවේ ක්‍රීඩා බලධාරීන් පරාජයට හේතුව මේ විදියට විග්‍රහ කළා. ඉන්දියානු ඔරු පැදීමේ කණ්ඩායමේ පරාජයට හේතුව නායකයින් වැඩිවීම හා ඔරු පදින්නන් අඩුවීමයි. මේ බව දැනගත්ත මාධ්‍යවේදීන්, ක්‍රීඩා ලෝලීන් දිගට හරහට පරිපාලනයටයි ආණ්ඩුවටයි බනින්න පටන්ගත්තා.

වහාම ක්‍රියාත්මක වන පරිදි කණ්ඩායම සංශෝධනය කෙරුණා.

මේ අනුව කණ්ඩායමේ නායකයන් ගණන 4 දක්වා අඩු කරන්න ක්‍රීඩා බලධාරීන් තීරණය කළා. ඒ වෙනුවට කණ්ඩායමේ කාර්යක්ෂමතාවය වැඩිකිරීම සඳහා ප්‍රධාන කළමණාකරුවෙක් සහ ඔහු යටතේ තවත් කළමණාකරුවන් දෙදෙනෙක් කණ්ඩායමට ඇතුළු කෙරුණා. ඒ වගේම කණ්ඩායමේ හිටි එකම ක්‍රීඩකයා ඉදිරියටත් ක්‍රීඩකයෙකු ලෙස සහභාගී කරවන්නත් ඔවුන් එකඟ වුණා.

දැන් දෙවන අවුරුද්දේ තරඟයට කණ්ඩායම් සූදානම්!

ඒත් දෙවන තරඟය අවසානයේදී ජපාන කණ්ඩායම දිනුම් කනුව පසුකරනවිට ඉන්දියානු කණ්ඩායම සිටියේ හැතැප්ම දෙකක් පමණ පිටුපසින්.

ඒ වෙලාවේ ඉන්දියානු ක්‍රීඩා පරිපාලනය වහාම ක්‍රියාත්මක වුණා.

තමන්ගෙ කණ්ඩායම ජයග්‍රහණය කරවිය නොහැකි වීම ගැන චෝදනා කරලා කණ්ඩායමේ සිටි ඔරුපදින්නාව කණ්ඩායමෙන් ඉවත් කළා."

ඔන්න ඕකයි කතාව.

ඕනෑම කෙනෙකුට තම තමන් කැමති විදියට පූර්වාපර සන්ධි ගලපාගෙන රස විඳින්න අයිතිය තියෙනවා.