රණ විරුවන් සහ නීචයින්...
මෙම වීඩියෝ නරඹන්න...
රණ විරුවන් ගැන නිතර දෙවේලේ ගැයෙන මොහොතක පොලීසියේ මේ හැසිරීම දනවන්නේ කවරාකාර හැඟීමක්ද? ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට උපහාරය පළකරමින් සරසවි සිසුන් විසින් ප්‍රදර්ශනය කර තිබූ බැනරයක් ඉදිරියේදීම පොලීසිය විසින් ඔවුනට උපහාර දැක්වූයේ මෙසේය. පොලීසිය සිය හිතූමනාපේ සරසවි සිසුන්ට පහර දුන්නායැයි සිතීම සාධාරණද? නැත පොලීසිය යනු ධනේෂ්වර රාජ්‍ය යාන්ත්‍රණයේ තවත් එක් සන්නද්ධ ආයතනයක් පමණකි. ඔවුන් ඉටුකරන්නේ පාලක පංතියේ උවමනාවන්ය. තමන්ට එරෙහිව මතුවිය හැකි ප්‍රවණතාවයන් පරාජය කිරීම සඳහා ධනපති පංති පාලනයන් පළමුවෙන්ම කැඳවන්නේ සිය නිල හමුදාවන්ය.
විශ්වවිද්‍යාලය තුළ මේ මොහොතේ සිදුවූ සිසු ගැටුම ධනපති පංති පාලනයට අභියෝග කරන්නක් ලෙස මින් නොකිය වේ. එහෙත් ධනපති පංති පාලනයේ දුර්වලතාවයන්ට එරෙහිව සරසවි සිසුන් පළමුව වීදී බැසීම සිදු විය හැක්කකි...
කෙසේ වුවද මේ සිදුවීම අපට සිහිපත් කරනුයේ විරුවන් නීචයින් බවට පත්වීමට ඉතා සුළු මොහොතක් වුව ප්‍රමාණවත් වන බවය.
යුද ජයග්‍රහණ බොහෝවිට ආඥා දායකයන් බිහිකරයි. ඉතිහාසය බොහෝ උදාහරණ දෙමින් එය සනාථ කර තිබේ. ජනතාවනි.., සූදානම් වන්න..!
Showing posts with label Clash between Kelaniya campus students and police. Show all posts
Showing posts with label Clash between Kelaniya campus students and police. Show all posts
Saturday, February 14, 2009
Subscribe to:
Posts (Atom)